චීනයේ ඇතැම් දියුණු කර්මාන්ත සඳහා අමෙරිකානු ආයෝජන සීමා පැනවීමට ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය සැලසුම් කරමින් සිටින බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තා පවසන්නේ ජාතික ආරක්ෂාවට චීනයෙන් එල්ලවිය හැකි තර්ජන අවම කිරීම බයිඩන් පරිපාලනයේ අරමුණ බවය.
එමෙන්ම නව සීමා පැනවුවහොත් කෘත්‍රීම බුද්ධිය සහ උසස් අර්ධ සන්නායක වැනි චිනයේ ඇතැම් අධි තාක්ෂණික අංශවල ආයෝජනය කිරීමෙන් අමෙරිකානුවන් වැළකී සිටිනු ඇති.
සිය විශේෂඥ දැනුම චීනයට ගලායාම පාලනය කිරීම ද බයිඩන් පාලනයේ එක් අරමුණක් බවද විදෙස් මාධ්‍ය පවසයි.