දින 40ක ගමනකින් පසුව චන්ද්‍රයාන් 03 යානයේ රෝවරය ඊයේ (23) සඳේ දකුණු ධ්‍රැවයට සාර්ථකව ගොඩ බැස්සවීමට ඉන්දියානු අභ්‍යාවකාශ විද්‍යාඥයින් සමත් විය.
ඒ අනුව ඉන්දියාව සිය අභ්‍යාවකාශ ඉතිහාසයේ ඓතිහාසික පිම්මක් සනිටුහන් කරමින් සඳ මතට ගිය සිව්වන රට හා සඳේ දකුණු ධ්‍රැවය ස්පර්ශ කළ පළමු රට බවට පත් විය.
මේ දැවැන්ත මෙහෙයුමේ අවසානය ඉන්දියාව පුරා විශාල තිර ඔස්සේ මෙන්ම රූපවාහිනියේ ද දිග හැරුණු අතර බොහෝ දෙනෙකු එය ඒ අවස්ථාව නරඹා තිබුණි.
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන බ්‍රික් සමුළුවට සහභාගී වෙමින් සිටිනා අතරතුර චන්ද්‍රයාන් මෙහෙයුම නැරඹීමට ඉන්දීය අගමැති එක්වූ අතර එහි දී ඔහු ජාතිය අමතමින් ප්‍රකාශ කොට සිටියේ, “ඉන්දියාව දැන් සඳ මතයි. වෙන කිසිම රටකට යන්න බැරි තැනකට අපි ඇවිත් තියෙනවා. ඒක ඉතාමත් ප්‍රීතිමත් අවස්ථාවක්”. යනුවෙනි.
මේ අතර සාර්ථක සඳ තරණය ගැන අදහස් දක්වමින් ඉන්දියානු අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) ප්‍රධානී ශ්‍රීධර් පංකීර් සෝම්නාත් පැවසූයේ,”මේ අපේ තනි ප්රයත්නයක් නොවේ. මෙය මෙතුවක් කල් ISRO සංවිධානයේ සේවය කළ අභ්‍යාවකාශ මෙහෙයුම සඳහා දායක වූ සියලුම විද්‍යාඥයින්ගේ මහන්සිය යි.” ලෙසය.
මේ අතර සාර්ථක සඳ ගමන වෙනුවෙන් ලෝක නායකයන්ගෙන් ද ඉන්දියාවට සුබාශීෂණ ගලා එන්නට විය.