ගෞරවනීය රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා තමා ඇතුළු කණ්ඩායම කැප වී කටයුතු කරන බව සර්වජන බලය නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.
එඩිතර විපක්ෂය නිර්මාණය කරමින් මේ සඳහා කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.
අත්තනගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සර්වජන බලය නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මේ බව කියා සිටියේය.
“ජනතාවගේ ජීවන මට්ටම විශේෂයෙන්ම රාජ්‍ය සේවකයාගේ ජීවන මට්ටම ඉහළ දැමීම සඳහා ගෞරවනීය රාජ්‍ය සේවයක් නිර්මාණය කරගැනීම සඳහා අපි කුමක් කළ යුතුද ? ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය, ඔන්ගේ නවාතැන්, ඔවුන්ගේ ජීවිතයේ තියෙන දියුණුවීමේ අපේක්ෂාව ඉහළට ගෙනයෑම වැනි සංකල්ප ඇතුළත් වුණු වැඩපිළිවෙලක් රාජ්‍ය සේවකයාට ලබාදීමට නම් අපි යන්න ඕනේ පාර්ලිමේන්තුවට. ඒ පාර්ලිමේන්තුව ඇත්ළේ අපිට පුළුවන් අපේ අත්දැකීම් එයින් දියුණු වෙන මිනිස්සු දියුණු වුණ මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් මිනිස්සු, හැම මිනිහම දියුණු වෙනවා බලන්න කැමති මිනිස්සුන්ගෙන් මේ පාර්ලිමේන්තුව පුරවන්න අපි විපක්ෂයේ වාඩි වෙනවා එඩිතර විපක්ෂයක් විදියට.”