ගාසා තීරයේ උද්ගතව ඇති ගැටුම්කාරී තත්වය පිළිබඳව විවාදය හෙට (20) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය.
මන්ත්රීවරුන් කිහිප දෙනෙකුගේ ඉල්ලීමකට ප්රතිචාර දැක්වූ කථානායකවරයා ඊයේ (18) පක්ෂ නායකයින් හමුවී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹුණි.
එම සාකච්ඡා වල ප්රතිඵලයක් ලෙස ගාසා තීරයේ ගැටුම් නිසා ශ්රී ලංකාවට එල්ල විය හැකි බලපෑම අවම කිරීමට රජය ගෙන ඇති ක්රියාමාර්ග සභාවට දැනුම් දීමටත්, ඒ සඳහා විවාදයක් පැවත්වීමටත් තීරණය විය.