කොළඹ හා ඒ ආශ්රිත තදාසන්න ප්‍රදේශ වන දෙහිවල, ගල්කිස්ස, කඩුවෙල සහ මහරගම ඇතුළු ප්‍රදේශ රැසකට ලබන 19 වනදා පෙරවරු 8 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව ලබන 19වන සෙනසුරාදා පෙරවරු 8 සිට පසුදා අලුයම 02 දක්වා කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කොට්ටේ සහ කඩුවෙල යන නගර සභා බලප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව හා කොළොන්නාව, කොටිකාවත්ත හා මුල්ලේරියාව යන ප්‍රාදේශීය බලප්‍රදේශවලට ද රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශයන්ටද මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස පැය කිහිපයකට ජල සැපයුම නවතන එම මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.