නාරාහේන්පිට කාලිංග මාවතේ හෙක්ටයාර 0.2761 ක භූමි ප්‍රදේශයක පිහිටි නිවාස ඒකක 144කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක් නේවාසික පහසුකම් සඳහා භාවිතා කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයට නිදහස් දීමනාවක් යටතේ පවරා දීමට නාගරික සංවර්ධන අධිකාරියේ කළමණාකරණ මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
ඒ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවීමත් සමඟය.