කොළඹ නගරය අවට වෙසෙන සුළු හා මධ්‍යම පාන්තික ප්‍රජාව වෙනුවෙන් නිවාස ව්‍යාපෘති 05ක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්ධික ප්‍රනාන්දු පවසයි.
නිවාස සංවර්ධන අධිකාරිය ආරම්භ කොට මේ වනවිට නවතා දමා ඇති නිවාස ව්‍යාපෘති ලබන වසර වෙනුවෙන් වන අයවැයත් සමඟ යළි ආරම්භ කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ජනපති චීනයේ කළ සංචාරයේ දී මේ සඳහා වන එකඟත්වය චීන රජය මඟින් ලබාගත් බව ද හෙතෙම සඳහන් කළේය.