අද උදෑසන මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සිදුවූ දුම්රිය පීලි පැනීමක් නිසා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා පැමිණ තිබේ.
මහව සිට මොරටුව බලා ධාවනය වන කාර්යාලීය දුම්රිය කොල්ලුපිටිය හා කොටුව දුම්රිය ස්ථානයන් අතර දී මෙලෙස පීලි පැන තිබේ.
මේ හේතුවෙන් දුම්රිය මාර්ගයට ද දැඩි අලාබ හානි සිදුව ඇති අතර දුම්රිය ධාවනය එක් මාර්ගයකට පමණක් සීමා වී තිබේ. දුම්රිය මාර්ගය පිළිසකර කිරීම සහ දුම්රිය නැවත පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරනා පරිදි මුහුදු බඩ මාර්ගයේ කොළඹ දෙසට ධාවනය වන දුම්රියන් සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට තීරණය කොට තිබේ.
කොළඹින් පිටවන ජනතාවට මේ හේතුවෙන් යම් අපහසුතාවයක් ඇතිවිය හැකි බැවින් විකල්ප ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරන ලෙසද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවට උදදෙස් ලබා දෙයි.