රජය විසින් වැඩිකරන ලද ගෑස් මිලට සාපේක්ෂව යමින් ප්ලේන්ටි, කොත්තු හා රයිස් මිල ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. අද (05) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපතිවරයා මේ බව සඳහන් කළේය.
ඒ අනුව ප්ලේන්ටියක් රුපියල් 10කිනුත්, කොත්තුවක් රුපියල් 20කිනුත්, රයිස් එකක් රුපියල් 50කිනුත් ඉහළ යනු ඇති.