පිටකොටුව ආසන්නයේ දැනට ස්ථාන තුනක පිහිටුවා ඇති ලංගම බස් නැවතුම්පොළ , බැස්ටියන් මාවත හා ගුණසිංහපුර පුද්ගලික බස්නැවතුම්පොළවල් කොටුව දුම්රිය ස්ථානයට යාබඳ ස්ථානයක ස්ථාපනය කර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන යාමට තීරණය වී ඇති බව ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසයි.
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ක්‍රියාත්මකවන ආකාරයට බස් රථ නතර කර තැබිය හැකි පරිදි අදාළ ස්ථානය ගොඩනැගීමට තීරණය වී ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
කොළඹ අලංකරණ සැලැස්ම යටතේ මෙසේ කිරීමට තීන්දු වී ඇති අතර බස් රථ බස් නැවතුමෙන් පිටත වෙනත් ස්ථාන වල ගාල් කොට තබා පිටත්වන වේලාවට පමණක් බස් නැවතුම්පොළට පැමිණීමෙන් මගීන්ට මෙන්ම රියදුරන්ටද වන අපහසුතාව මඟ හරවා ගැනීම මෙහි අරමුණක් ද වේ.
මෙම කටයුත්ත නිසා පිටකොටුවේ හිස්වන භූමි වාණිජ කටයුතු සඳහා යොදා ගැනීමට රජයේ අවධානය යොමුවී ඇති බව ද ඔහු පැවසීය.