කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (15) කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා කළේය.
ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 226.35 කින් ඉහළ ගොස් ඒකක 16,152.35 ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 97.63කින් ඉහළ ගොස් ඒකක 4,905.92 ක් ලෙසත් සටහන් විය.
රු. බිලියන 4.44 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී ඇත.
මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට පසුගිය ජනවාරි 02 දින ඒකක 16,000 සීමාව අතික්රමණය කිරීමට සමත් වුවද ඉන්පසු නැවතත් එම සීමාවෙන් මෙපිටට සියලු කොටස් මිල දර්ශකය පැමිණීම හේතුවෙන් ආයෝජකයින්ගේ යම්කිසි මන්දගාමී බවක් දක්නට විය.
කෙසේවෙතත් ඉන්පසු නැවත වරක් අද දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 සීමාව ඉක්මවා යනු ලැබීය.