ශ්‍රී ලංකාව කුරුඳු වගාව, නිෂ්පාදනය සහ අපනයනයට පහසුකම් සැලසීම සඳහා කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවක් ළඟදීම පිහිටුවීමට තීරණය කර තිබේ.
මේ පිළිබඳව වන කැබිනට් යෝජනාව මේ සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ එක්ව ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවට සැලකිය යුතු විදේශ විනිමයක් උපයා ගත හැකි ප්‍රධාන වාණිජ භෝගයක් ලෙස කුරුඳු ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව 2023 අයවැය ප්‍රකාශයේ දී ජනාධිපති වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.
කුරුඳු නිෂ්පාදකයින්ට, සැපයුම්කරුවන්ට මෙන්ම අපනයනකරුවන්ට පහසුකම් සැලසීම සහ අගය එකතු කිරීම සහ විවිධාංගීකරණය තුළින් කුරුඳු නිෂ්පාදනවල ගුණාත්මක අගය ඉහළ නැංවීම නව දෙපාර්තමේන්තුව පිහිටුවීමේ අරමුණ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.