මරාගෙන මැරෙන ප්රහාරයක් එල්ල කොට තම භාරයේ සිටින ප්රබල පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙක් වන “හරක් කටා” සහ “කුඩු සලිඳු” බේරා ගැනීමේ සලැස්මක් අනාවරණය වි ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කොට තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු කමාන්ඩෝ භටයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්රශ්න කිරීම් සිදුකරන බව පොලීසිය පවසයි.
මේ අනුව උද්ගත වී ඇති තත්වය සැලකිල්ලට ගනිමින් පොලිස්පතිවරයාගේ නියමය මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව තර කොට තිබේ.
ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) ප්රභූ ආරක්ෂක අංශයේ කණ්ඩායමක් ද යෙදවීමට කටයුතු කර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.