උතූරු කොරියානු ජනපති කිම්-ජොන්-උන් මේ මාසයේ දී රුසියානු ජනපති හා හමුවක් සඳහා රුසියාවේ සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍යන් පුවත් පළ කරයි.
වර්තමානයේ පවතින යුක්රේන යුද්ධයේ දී, උතුරු කොරියාවෙන් රුසියාවට ආයුධ සැපයීමේ ඇති හැකියාව පිළිබඳව මෙහිදී නායකයින් දෙපළ සාකච්ඡා කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.
මෙම හමුව පැවැත්වෙන ස්ථානයක් පිළිබඳව කිසිඳු ඉඟියක් මේ වනතෙක් ලැබී නොමැති අතර ක්‍රෙම්ලීන ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ පිළිබඳව කීමට වැඩිමනක් නැති බවය.
තවද, උතුරු කොරියාව පැත්තෙන් ද මේ පිළිබඳව කිසිදු සඳහනක් කිරීමට තවමත් ඉක්මන්ව නොමැත.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ මෙම සංචාරයට කිම් බොහෝදුරට සහභාගී විය හැක්කේ ඔහුගේ ආයුධ සන්නද්ධ කරන ලද දුම්රියත් සමඟින් බවය.
රසිත ජයවීර