කැනඩාව “WeChat” යෙදවුම රජයේ සන්නිවේදන කටයුතු සඳහා තහනම් කිරීමට තීරණයක් ගෙන තිබේ.
චීනයේ නිෂ්පාදිත යෙදවුමක් වන WeChat වට්ස් ඇප්, ෆේස් බුක්, ඇමසන් සහ ටින්ඩර් යන යෙදවුම් සියල්ල එකට ගැබ්වූ යෙදවුමක් ලෙස පෙන්වා දිය හැකිය.
ඒ කෙසේ වුවත් බටහිර රටවල් මෙම යෙදවුම හරහා එහි පරිශීලකයන්ගේ රහසිගත තොරතුරු ද ලබාගන්නා බව ට පැවසීම සැලකිල්ලට ගෙන කැනඩාව වහාම ක්රියාත්මක වෙන පරිදි මේ තීරණය ගෙන තිබේ.
WeChat යනු ලෝකයේ වැඩිපුරම භාවිතා කරන යෙදුම් වලින් එකකි. එය චීනයේ සියලු දෙනාම පාහේ භාවිතා කරන අතර අග්නිදිග ආසියාවේ සහ චීන ඩයස්පෝරා ප්රජාවන් තුළ ද වඩාත් ජනප්රිය යෙදවුමක් වී තිබේ.
මේ අතර කැනඩානු රජය රුසියාව පසුබිම් කොටගෙන නිෂ්පාදනය වන Kaspersky සයිබර් ආරක්ෂක පද්ධතිය සම්බන්ධයෙන් ද තීරණයක් ගැනීමට නියමිතව තිබේ.
මීට පෙර 2020 වසරේ දී ඇමරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් ද මේ යෙදවුම් තහනම් කිරීමට උත්සාහ ගත්තද එය වාරණ නියෝගයකින් අහවර විය.
රසිත ජයවීර