ගෝනගංආර පොලිස් වසමට අයත් බුත්තල කතරගම මාර්ගයේ 36 සහ 37 කණුව අසලදී කතරගම වන්දනාවේ යමින් සිටි ලොරිරථයක් වන අලියෙකු විසින් පෙරළීමෙන් එහි සිටි කාන්තාවක් ලොරිරථයට යටවී මියගොස් ඇතැයි ගෝනගංආර පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කන්දඋඩපංගුව මුතුකණ්ඩිය ධීවර ගම්මානයේ පදිංචි කේ.ජී කරුණාවති (66) නැමති සයදරු මවකි.
ඇය ගමේ පිරිසක් සමඟ ලොරිරථයෙන් කතරගම වන්දනාවේ අද (12) යමින් සිටියදී මාර්ගයේදී පාර හරහා සිටි වනඅලියෙකුට කෙසෙල්කැන් දීමට නතරකර ඇත.
එක් කෙසෙල් කැන් ඇවරියක් දීමෙන් අනතුරුව වනඅලියා ලොරිරථයට හොඬවැල දමා තවත් ආහාර වර්ග සොයා ඇත.
වෙනත් ආහාර වර්ග නොමැති නිසා වනඅලියා ලොරිරථය පෙරළා තිබේ.
ඉදිරිපස අසුනේ සිටි කාන්තාව ඊට යටවී බරපතළ තුවාල ලබා බුත්තල ප්රාදේශීය රෝහලට ඇතුලත්කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
මියගිය කාන්තාවගේ මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණ සහ පශ්චාත් මරණ පරීක්ෂණය ඉකුත් දොළොස් වෙනිදා මොනරාගල දිස්ත්රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
ගෝනගංආර පොලිස් ස්ථානාධිපති වසන්ත බණ්ඩාර මහතා පරීක්ෂණ පවත්වයි.