ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අහෝසි කොට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීමට නිකුත් කරන ලද ගැසට් පත්‍රය සම්බන්ධයෙන් සොයා බැලීමට සිව් පුද්ගල කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට තිබේ.
පවතින ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් කොට අතුරු කමිටුවක් පත් කිරීම පිළිබඳව තමා දැනුවත් නොමැති බව පවසන ජනපතිවරයා ඒ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීමට ඊයේ (06) කැබිනට් මණ්ඩලය කැඳවා තිබේ.
එහිදී ගත් තීරණයක් අනුව මෙම සිව් පුද්ගල අනු කමිටුව පත්කිරීමට තීරණය වූ අතර එහි සාමාජිකයින් ලෙස අමාත්‍ය අලි සබ්රී, ටිරාන් අලස් මනූෂ නානායක්කාර සහ කාංචන විජේසේකර පත් කර තිබේ. එහි සභාපතීත්වය අලි සබ්රිට හිමිව තිබේ.