ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් එහි කටයුතු සොයා බැලීමට පත් කළ අතුරු පාලක මණ්ඩලය හා ඒ සඳහා වන ගැසට් ක්රීයාත්මක වීම බල රහිත කරමින් අභියාචනාධිකරණය අතරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ඉදිරිපත් කරන ලද රීට් පෙත්සමක් අභියාචනාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (07) කැඳවූ අවස්ථාවේ දීය.
මෙම තහනම් දින 14 කාලයක් සඳහා බලාත්මක් වේ.
ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද අතුරු පාලක මණ්ඩලය හා ඊට අදාළ ගැසට් පත්‍රය ක්‍රියාත්මක වීම දින 14ට අත්හිටුවේ.