කළුතර සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ දෙවැනි වාර පරීක්ෂණයේ දී උසස් පෙළ දරුවන්ට ලබා දුන් සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රය පිළිබද අමාත්‍යාංශ මට්ටමින් කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස අධ්‍යාපන, අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ඒ අදාල ප්‍රශ්න පත්‍රයේ දේශපාලන පක්ෂයකට සම්බන්ධ ප්‍රශ්න පහක් අන්තර්ගත වීම පිළිබඳ එල්ල වූ චෝදනාවලට අදාලවයි.සමාජය තුළ කතාබහකට ලක් වී ඇති මෙම ප්‍රශ්න පත්‍රය සකස් කර ඇත්තේ අදාළ පාසලෙන් ම බවයි නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරිය සඳහන් කළේ. ඒ සඳහා අමාත්‍යාංශ මට්ටමින් හෝ වෙනත් ආයතනික මට්ටමකින් හෝ කිසි දු සම්බන්ධයක් නොමැති බව ද අදාල නිවේදනයේ සදහන්. අමාත්‍යාංශ මට්ටමින් සිදු කරනු ලබන විධිමත් පරීක්ෂණයකින් පසුව ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර කියා සිටියා.