ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු උස්මන් කවාජාට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් චෝදනා එල්ල කර තිබේ.
ඒ, පාකිස්ථානයට එරෙහිව පැවැති පර්ත් ටෙස්ට් තරගයේදී කළු පැළැඳ ක්‍රීඩා කිරීම මගින් ක්‍රිකට් නීතියේ ඇඳුම් සහ උපකරණ වලට අදාළ නියමයන් කඩකිරීම ඔහුට එල්ල වූ චෝදනාව විය.
ඔහු එසේ කර ඇත්තේ ගාසා තීරයේ සිදුවන අපරාධ වලට විරෝධය පළ කිරීම වෙනුවෙනි. ඊට පෙර පුහුණුවීම අතරතුර ද ඔහු පැළැඳ සිටි පාවහන් යුගලය සම්බන්ධයෙන් ද ප්‍රශ්න සහගත තත්වයක් ඇතිවූ අතර එයද පලස්තීන ජනතාවට සහාය පළ කර තිබූ වැකියක් බැවින් ICC යේ මැදිහත් වීමෙන් එය ඉවත් කෙරිණි.