කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ තමාට ම වෙන් වූ, මගීන් භාර ගැනීමේ පික්-අප් ස්ථානයක් ස්ථාපනය කර ඇති බව Uber නිවේදනය කරයි. එමඟින් ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සංචාරකයින් වෙත පහසුකම් සලසමින්, ගුවන්තොටුපොළ පරිශ්‍රයේ දී ම Uber සේවාව ලබා ගැනීමේ හැකියාව ලැබේ.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මගීන් පැමිණීමේ පර්යන්තයේ පිහිටා ඇති Uber පික්-අප් ස්ථානයේ වාහන නැවැත්වීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩක් සහිත වන අතර, මුදල් රහිත ගනුදෙනු සිදු කිරීම සඳහා කියෝස්ක් යන්ත්‍රයක් ස්ථාපනය කර තිබීම සංචාරකයින්ට මෙන් ම රියදුරන්ට ද වඩාත් පහසුව සලසයි. ගුවන් තොටුපොළ සමඟ ඇති කර ගත් මෙම සහයෝගීතාව හරහා රියදුරන් වෙත ලබා දෙන පහසුකම් වැඩිදියුණු කිරීම සහ Uber පික්-අප් ස්ථානය වෙත පැමිණෙන සංචාරකයින්ගේ පහසුව උදෙසා පැහැදිලි මාර්ග සිතියම් ස්ථාපනය කර තිබීම ද සංචාරකයින්ට සහ රියදුරන්ට එකසේ ප්රතිලාභ සලසයි. එමෙන් ම ගුවන් තොටුපොළ පරිශ්‍රයේ දී Uber ලබා ගන්නා සෑම ගමන් වාරයකින් ම රුපියල් 700 ක් සහ ඊට අදාළ වැට් බද්ද ගුවන් තොටුපොළ වෙත ලබා දීම විශේෂිත ය.
ගෝලීය වශයෙන් ප්‍රචලිත වී ඇති Uber සේවාවේ පහසුව මෙන් ම සහ දැරිය හැකි මිල නිසා ගුවන් තොටුපොළ වෙත පැමිණෙන මගීන්ට වඩා හොඳ අත්දැකීමක් ලැබෙන අතර, ජාත්‍යන්තර ගුවන් තොටුපළ 600කට අධික සංඛ්‍යාවක් සමඟ සහයෝගීතා ගොඩනඟාගෙන ඇති Uber විසින් මගීන්ට ගුණාත්මක බවින් ඉහළ ආරක්ෂිත සේවාවක් හා පහසුකම් සැලසීම සඳහා ගුවන් තොටුපල බලධාරීන් සමඟ සමීප ව කටයුතු කරයි. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සමඟ ගොඩනඟා ගත් මෙම හවුල්කාරිත්වය මගින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරමින්, ගුවන් තොටුපළේ සිට රට තුළට බාධාවකින් තොර ව ගමන් කිරීමේ පහසුකම් වර්ධනය කිරීමට Uber නිරන්තරයෙන් කටයුතු කරයි.
Uber සමාගමේ මෙහෙයුම් අධ්යක්ෂ (ඉන්දියාව සහ දකුණු ආසියාව) ශිව ශෛලේන්ද්‍රන් මහතා පැවසුවේ, “අපි සෑම විට ම Uber හි නවීන පහසුකම් ශ්‍රී ලංකාව වෙත ලබා දීමට කටයුතු කරනවා. කොළඹ ගුවන් තොටුපළේ විශේෂිත පික්-අප් ස්ථානයක් ස්ථාපනය කිරීම, මගීන්ට ගුවන් තොටුපළේ සිට රට තුළට විශ්වාසදායක අයුරින්, කිසිඳු බාධාවකින් තොර ව ගමන් කිරීමේ පහසුකම් සැලසීමට අමතරව ගෝලීය මට්ටමේ සංචාරක ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමටත් දායකත්වය ලබා දෙන බව පැවසිය යුතු ම යි. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක අපගේ ප්‍රබල කණ්ඩායම සහ Uber රටවල් 70කට අධික සංඛ්‍යාවක සංචාරකයින්ගේ විශ්වාසය දිනා තිබීම අපගේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක්. ජාත්‍යන්තර සංචාරකයින් මෙන් ම මව් රට වෙත ආපසු පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට ද මෙම පික්-අප් ස්ථානයෙන් ප්‍රයෝජනවත් වනු ඇතැයි මම විශ්වාස කරනවා. ඒ වගේ ම Uber සේවාව භාවිත කරන සෑම අවස්ථාවක දී ම ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් ලබා දීමට අපි නිරන්තරයෙන් කැප වෙනවා.” යනුවෙනි.
සංචාරකයින්ට ගුවන් තොටුපොළ පරිශ්‍රයේ දී පුළුල් පරාසයක විහිදුණු Uber සේවාවක් ලබා ගැනීමේ සහ තෝරා ගැනීමේ හැකියාව පවතින අතර, එහි දී උසස් තත්ත්වයේ වාහන සහ ඉහළ ශ්‍රේණිගත රියදුරන් අනුයුක්ත කිරීම ද විශේෂිතය. පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාව, ගමන සඳහා සහභාගි වන පුද්ගලයින් සංඛ්‍යාව සහ රැගෙන යන ගමන් මලු මත පදනම් ව, Zip, Premier හෝ XL යන සේවාවන් තුනෙන් එකක් තෝරා ගත හැකි අතර, Uber Rentals සේවාව හරහා බහු-නැවතුම්, බහු-පැය සවාරි වෙන් කරවා ගැනීමේ හැකියාව ද ඇත.
ගුවන් තොටුපොළේ සිට විශාල පිරිසකට ගමන් ගැනීම සඳහා වෑන් රථ සේවාවක් එක් කරමින්, දැරිය හැකි මිලකට සේවා ලබා ගැනීමේ පහසුව ලබා දෙන Uber ගමන් මලු සමඟ පුද්ගලයන් 10 දෙනෙකු දක්වා ගමන් කළ හැකි Toyota Hiace, Caravan වැනි වෑන් රථ සේවයට එක් කිරීම නිසා දිගු සංචාර සහ සංචාරක කණ්ඩායම් සඳහා ඉතා හොඳ විකල්පයකි.
පාරදෘශ්‍ය භාවය ට මුල් තැන ලබා දෙමින් ක්‍රියාත්මක වන Uber වෙන් කරවා ගැනීම සඳහා සුවිශේෂී පහසුකම් හඳුන්වා දී ඇති අතර, ගුවන් තොටුපළ වාහන නැවැත්වීමේ ගාස්තු ඇතුළත් ව ඇස්තමේන්තු ගත ගාස්තු කලින් දැන ගැනීමේ හැකියාව නිසා ගැටුම්වලින් හා බාධාවකින් තොර ව ගමන් කිරීමේ හැකියාව ලබා දෙයි. එමෙන් ම සතියේ දින 7, පැය 24 පුරා Uber සේවා ලබා ගත හැකි නිසා සංචාරකයින්ට ආරක්ෂිත සහ කාර්යක්ෂම සේවාවක් ලබා ගත හැකිය.