ලොව පිළිගත් ජාත්‍යන්තර මට්ටමේ උපාධියක් ශ්‍රී ලංකාව තුළදී සම්පූර්ණ කිරීමේ අවස්ථාවක් මෙරට සිසුන්ට උදා කර දෙමින් Curtin University Australia එහි නවතම ජාත්‍යන්තර සරසවි මණ්ඩපය පසුගියදා කොළඹ දී උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය.
මේ අනුව Curtin University ජාත්‍යන්තර සරසවි මණ්ඩප 5කට හිමිකම් කියනු ලබන අතර එය ලොව ඕනෑම සරසවියක් සතු වැඩිම ඒකාබද්ධ මණ්ඩප ගණන ද වේ.
Curtin සරසවි මණ්ඩප, සිංගප්පූරුව, මැලේසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ මොරිෂස් හි දැනටමත් පිහිටුවා ඇති අතර, මෙමඟින් ඉන්දියන් සාගර සීමාව වටා Curtin ගෝලීය ජාලය තව දුරටත් ශක්තිමත් වී ඇත.
Curtin සරසවියේ උපකුලපති මහාචාර්ය හාර්ලීන් හේන් මහත්මිය මෙම විවෘත කිරීමේ උත්සවයට සහභාගී වූ අතර, එතුමිය අදහස් දක්වමින්, Curtin ලොව පුරා නව සරසවි සමඟ සිසුන්ට ඉහළ පෙළේ ඉගෙනුම් අවස්ථා ළඟා කර දීම තුළින් එහි කැපවීම පෙන්නුම් කරන බව සඳහන් කළාය.
“අංගසම්පූර්ණ මණ්ඩපයක් සමඟ ශ්‍රී ලංකාවට පැමිණීම තුළින් කලාපය වෙනුවෙන් අපේ කැපවීමේ ශක්තිය පෙන්නුම් කරන අතරම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සමඟ දිගු කාලීන සාර්ථක හවුල්කාරීත්වයක් ගොඩනඟා ගන්නටත් මෙය හේතු වුනා” යනුවෙන් මහාචාර්ය හේන් පැවසුවාය.
“2000 වසරේ මුල් භාගයේ සිට මේ දක්වා අප ශ්‍රී ලාංකික සිසුන් 2500කට වැඩි පිරිසකට Curtin උපාධි පිරිනමා තිබෙනවා. මේ දක්වා කාල සීමාව තුළ සිසුන් ප්‍රමාණය වැඩි කරන්නට පමණක් නොව, දැනට පිරිනමන ඉංජිනේරු, පරිගණක සහ ව්‍යාපාර පාඨමාලාවන්ගේ සිට සෞඛ්‍ය, AI තාක්ෂණය සහ මානව ශාස්ත්‍ර වැනි විෂයන් දක්වා ද අපගේ විෂය මාලාවන් පුළුල් කරන්නටත් අප කටයුතු කොට තිබෙනවා.”
“Curtin University Colombo යනු Curtin ගමනේ ඉතා සුවිශේෂී නව පරිච්ඡේදයක්. ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවටත් මේ තුළින් ධනාත්මක වෙනසක් ඇති කරන්නට හේතු වනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා” යනුවෙන් වැඩි දුරටත් හේන් මහතා පැවසීය.
Curtin University Colombo නවීනතම තාක්ෂණයෙන් සමන්විත පහසුකම් රැසක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිත අතර මූලික උපාධි හා පශ්චාත් උපාධි පිරිනැමීම් තව දුරටත් පුළුල් කරන්නට මෙන්ම ඉදිරියේදී කලාපයේ පර්යේෂණ අවස්ථා වර්ධනය කරන්නටත් සැලසුම් කොට ඇත.
මේ වන විට සිසුන් 700ක් පමණ Curtin Colombo හි පාඨමාලා හාදාරන අතර, නව අධ්‍යයන වර්ෂය 2025 පෙබරවාරි 17 දින ආරම්භ වීමට නියමිතය. ඒ සඳහා නවක සිසුන් ලියාපදිංචිය දැනට සිදු කෙරෙමින් පවතී.
Curtin University Colombo සභාපති සහ SLIIT උපකුලපති, මහාචාර්ය ලලිත් ගමගේ, අදහස් දක්වමින්, මෙම Curtin සහ SLIIT ශක්තිමත් හවුල්කාරීත්වය තුළින් නිල මණ්ඩපයක් දක්වා වර්ධනය වීම පිළිබඳ තමන් ඉතා සතුටට පත්වන බව සඳහන් කළේය.
“මෙම හවුල්කාරීත්වය ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයට ජාත්‍යන්තර යහ භාවිතාවන් සාර්ථකව ගෙන ඒමට මෙන්ම දේශීය සිසුන්ට උසස් තත්ත්වයේ ජාත්‍යන්තර අධ්‍යාපන අවස්ථා ද ලබා දෙනවා”
“ලෝකයේ හොඳම විශ්වවිද්‍යාලවල පළමු සියයට 1 තුළ අඛණ්ඩව ශ්‍රේණිගත වී ඇති Curtin විශ්වවිද්‍යාලයේ අංගසම්පූර්ණ මණ්ඩපයක් ලංකාවේ පිහිටුවීම ජාතික වැදගත්කමක් ඇති කාරණයක් වන අතරම මෙම කලාපයේ උසස් අධ්‍යාපන අනාගතය සඳහා මෙය හොඳ පෙර නිමිත්තක් ලෙස ද මා දකිනවා”.
“Curtin University Colombo ශ්‍රී ලාංකේය අධ්‍යාපන සහ පර්යේෂණ ක්ෂේත්රය සඳහා වැඩි දායකත්වයක් ලබා දීමට කටයුතු කරනු ඇති අතරම, නිපුණතාවන්ගේ පිරි, තරඟකාරී ශ්‍රම බලකායක් පෝෂණය කරමින් ලංකාවේ දියුණුවට දායක වනු ඇත.”
Curtin University Colombo වෙතින් සිසුන්ට ඔවුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා ශ්‍රී ලංකාවේදීම සපුරා ගැනීමට අවකාශ සලසා දෙන අතර ඕස්ට්‍රේලියාව, මැලේසියාව, සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් හෝ මොරිෂස් යන ඕනෑම සරසවියක් වෙත මාරු වීමට ද අවස්ථාව සලසා දී ඇත.
මෙම ආකෘතිය මඟින් Curtin ජාත්‍යන්තර ජාලය තුළ දැනුම හුවමාරු කර ගැනීමට සහ සහයෝගීතාව වර්ධනයට උපකාරී වන අතර සිසුන්ට ඔවුන්ගේ අධ්‍යයන ගමන බාධාවකින් තොරව කරගනිමින් ජාත්‍යන්තර තලය දක්වා විහිද යන්නට ඉඩකඩ හිමි වීමද විශේෂත්වයකි.
පාඨමාලා සහ පිරිනැමීම් පිළිබඳ වැඩි විස්තර සඳහා Curtin University Colombo වෙබ් අඩවියට පිවිසෙන්න.
සමාප්තයි
මෙම මාධ්‍ය නිවේදනය Online ලබා ගැනීමට : http://news.curtin.edu.au/media-centre/
මාධ්‍ය සම්බන්ධතා:
Sam Jeremic, Corporate Communications Consultant, Curtin University
Tel: (08) 9266 3549 Mobile: 0407 601 993 Email: [email protected]
Crystal Fairbairn, Deputy Director, Corporate Communications, Curtin University
Tel: (08) 9266 9085 Mobile: 0466 561 374 Email: [email protected]
Curtin University Media on Socials
** To share this story on social media please tag us:
LinkedIn: Curtin University Media
X: @CurtinMediaInstagram | @curtin_news