මාර්ගගත ක්‍රමවේදවල සුරක්ෂිතභාවය පිළිබඳ ගෙන එන ලද පනත් කෙටුම්පත දෙවනවර විවාදයට ගැනීම අද (23) ආරම්භ විය.
එහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධනයන්ට යටත්ව අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සිය අනුමැතිය ඊයේ (22) ලබා දුනි.
මෙම පනත් කෙටුම්පත මගින් මාර්ගගත ක්‍රමය ඔස්සේ යම් සිදුවීමක් පිළිබඳ ව්‍යාජ තොරතුරු සන්නිවේදනය තහනම් කිරීම, මෙරට තුළ තහනම් කර ඇති කාර්යයන් සඳහා භාවිතයට ගන්නා මාර්ගගත ස්ථාන හදුනා ගැනීම, ප්‍රකාශයට පත් කරනා දෑ සඳහා විධි විධාන සැකසීම ආදී කාරණා රාශියක් පිළිබඳව මෙම පනත් කෙටුම්පතේ දී සැලකිල්ලට ගනී.