ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සිය එක්දින පිටියේ සමුගැනීමද නිවේදනය කර තිබේ.
මේ වනවිට 37වන වියෙහි පසුවන ඔහු සිය ටෙස්ට් පිටියේ සමුගැනීම මීට පෙර නිවේදනය කළ අතර හෙට (02) සිඩ්නි හිදී පාකිස්ථානයට එරෙහිව ආරම්භ වන තෙවන් ටෙස්ට් තරගය ඔහුගේ අවසාන ටෙස්ට් තරගය සේ සැලකෙයි.
2009 වසරේ දී එක්දින වර්ණ ලබා ගත් ඩේවිඩ් වෝනර් මේ වනවිට එක්දින තරග 161 කට සහභාගි වී මුළු ලකුණු 6,932ක් රැස්කරගෙන සිටින්නේ සාමාන්‍ය 45.30 රදවා ගනිමිනි. ඕස්ට්‍රේලියාවේ 426 වන ක්‍රීඩකයා ලෙස ටෙස්ට් වරම් හිමි කරගන්නා වෝනර් මේවනවිට ටෙස්ට් තරග 110කට ක්‍රීඩා කර මුළු ලකුණු 8,651ක් රැස්කරගෙන සිටී. ඔහුගේ ඉනිමක් සාමාන්‍ය 44.82කි