ශ්රී ලංකා කාන්තා ක්රිකට් ඉතිහාසයේ පළමු වරට එංගලන්ත කාන්තා ක්රිකට් කණ්ඩායම පරදවා තරගාවලි ජයක් ලැබීමට ශ්රීලංකා ක්රීඩිකාවෝ ඊයේ (06) සමත් විය. ඒ ඊයේ පැවැති තෙවන විස්සයි විස්ස තරගය කඩුලු 7කින් ජය ගනිමිනි.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා ක්රීඩිකාවෝ ප්රථමව පන්දු යැවීම තෝරාගත් අතර එංගලන්ත ක්රීඩිකාවෝ සිය පන්දුවාර 20 අවසානයේ දී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 116ක් පමණි.
එහිදී මෛයා බ්රෝචර් ලකුණු 23ක් හා ඇමී ජෝන්ස් 20 බැගින් රැස් කරගත් අතර චමරි අතපත්තු ලකුණු 21 ට කඩුළු 3 ක් බිඳ දැමීය.
පිළිතුරු ඉනිම ඇරඹූ ශ්රී ලංකා ක්රීඩිකාවෝ පන්දුවාර 17 කදී අදාල ඉලක්කය පසු කළේ කඩුළු 3ක් පමණක් වැය කරමිනි.
එහිදී චමරි අතපත්තු ලකුණු 44ක් හා හර්ෂිතා සමරවික්රම නොදැවී ලකුණු 26ක් රැස් කළ අතර සාරා ග්ලෑන් ලකුණු 23 ට කඩුළු 2ක් බිඳ දැමීය.
ඒ අනුව ශ්රී ලංකා ක්රීඩිකාවෝ තරගාවලිය 2-1 ක් ලෙස ජය ලැබීය.
තරගාවලියේ වීරයා හා තරගයේ වීරයා යන සම්මාන ද්විත්වයම චමරි අතපත්තු විසින් දිනා ගත්තාය.
රසිත ජයවීර