2023 අපොස උසස් පෙළ විභාගයේ සංශෝධනය කරන ලද දිනයන් පිළිබඳ ඉදිරි සතියේ විභාග කොමසාරිස්වරයා විසින් ප්‍රකාශ කරනු ඇති බව අද (21) පාර්ලිමේනිතුවේ දි විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර තිබුණේ 2023 උසස් පෙළ විභාගය 2024 ජනවාරි දක්වා කල් දැමුණහොත් 2024 මාර්තු හා අප්‍රේල් යන මාසවල පැවැත් වීමට නියමිත 2023 අපොස සාමාන්‍ය පෙළ විභාගය මැයි, ජූනි දක්වා කල් දැමීමට සිදුවනු ඇති බවත් 2024 අපොස උසස් පෙළ විභාගය 2025 දක්වා කල් දැමීමට සිදුවෙනු ඇති බවත් ය.