මෙවර උසස්පෙළ විභාගය අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණුව ලබා දෙන බව ගින්තොට සහිරා විද්‍යාලයේ සියවස් සැමරුමට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඉදිරියේ දී පවත්වනු ලබන අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ටද මෙම වෘත්තීය පුහුණුව ලබා දීමට තීරණය කර ඇති බවත් ඒ සඳහා වන කැබිනට් පතිකාවට අවශ්‍ය අනුමැතිය මේ වනවිටත් ලැබී ඇති බව ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.