ජෝර්දානයේ සිට අනවසරයෙන් ඊශ්‍රායලයට ඇතුළුවීමේ දී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනාගේ අනන්‍යතාවය හදුනාගෙන තිබේ.
මීට දින දෙකකට පෙර ඊශ්‍රායල ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් මේ කාන්තාවන් දෙදෙනා 44 හැවිරිදි හා 50 හැවිරිදි වයස් වල පසුවන්නන් වේ.
අනවසරයෙන් ඊශ්‍රායලය ඇතුළු වූ බැවින් ඔවුන් දෙදෙනා නැවතත් ජෝර්දානයට යැවීමට ඊශ්‍රායල බලධාරීන් නිවේදනය කළහ.
තවද, මෙම කාන්තාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම සොයා බලන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළේය.