ඊශ්‍රායල අභ්‍යන්තර කටයුතු ඇමති මෝෂේ ආබෙල් හා ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාරනායක අතර ඇතිකරගත් ගිවිසුමක් මත ශ්‍රී ලාංකිකයින් 10,000ක් ගොවිපල කම්කරුවන් ලෙස බඳවා ගැනීමට ඊශ්‍රායලය තීරණය කොට තිබේ.
කෘෂිකාර්මික අංශයට කම්කරුවන් 5,000ක් විදේශයන්ගෙන් ගෙන්වා ගැනීමට ඊශ්‍රායල සමාගම්වලට අවසර දෙමින් කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසුව ගිවිසුමට එලෙඹි බව ඊශ්‍රායල මාධ්‍ය පෙන්වා දෙයි.
ඊශ්‍රායල – පලස්තීන යුධ ගැටුම් හේතුවෙන් ඊශ්‍රායල කෘෂිකර්මයට දැඩි පහරක් වැදී ඇති අතර එම ක්ෂේත්රය වෙනුවෙන් ඊශ්‍රායලයේ සේවයට පැමිණි විදෙස් කම්කරුවන් 30,000 කින් 8,000 ක් ම ඊශ්‍රායල භූමිය අත්හැර පලාගොස් තිබේ. තවත් කම්කරුවන් හමාස් අත්අඩංගුවට පත්ව ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන ඇති අතර තවත් පිරිසක් ඝාතනය කොට තිබේ.