ඊශ්‍රායල – පලස්තීන ගැටුම් අතරතුරදී ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්ව ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසූවේ එම කාන්තාව පිලිබඳව තොරතුරු සෙවීම සඳහා අද (09) දිනයේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට දැනුම් දෙන බවයි.
ඊශ්‍රායලය තුළ ශ්‍රී ලාංකිකයින් 8000ක් පමණ ජීවත් වන අතර ඔවුන් බොහෝ පිරිසක් එහි අගනුවර වන ටෙල් අවීව්, ජෙරුසලම සහ හයිෆා යන නගර කේන්ද්‍ර කරගනිමින් ජීවත් වන බවද සඳහන් වේ.
මීට පෙර ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව ද ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී තිබුණි.
ශ්‍රී ලංකා විදෙස් සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට එරට තානාපති කාර්යාලය හා එක්ව මෙරට රජය කටයුතු කරන බවයි.
ඊශ්‍රායලයේ වෙසෙන තම ඥාතීන් පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා 0094 – 716640560 යන වට්ස්ඇප් අංකයට තොරතුරු ලබා දෙන ලෙස ද ඔවුන් වැඩිදුරටත් ලාංකිකයන්ගෙන් ඉල්ලයි.