ලබන වසරේ ජනවාරියේ සිට වැට් බදු 18% කින් ඉහළ යාමත් සමඟ බස් ගාස්තු සංශෝධනයක් ද සිදුවිය හැකි බව ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති ගැමුණු විජේරත්න පැවසූවේ සාමාන්‍ය බස් රථයක් ආනයනයේ දී එක්කෝටි පනස් හත් ලක්ෂයක මුදලක් මේ වනවිට බස් හිමියෙකුට වියදම් වන බවත් වැට් බදු 18% කින් වැඩි වූ පසු එම මිලට අමතරව තවත් ලක්ෂ 20ක්වත් එකතුවන බවත් ඒ අනුව බස් හිමියන්ට බස් රථ ගෙන්වා සාමාන්‍ය මගී ප්‍රවාහනයට යෙදවීමට ඇති අවකාශය අඩුවන බවත් ය.
තවද වැට් බඳු ඉහළ යාමත් සමඟ වාහන අමතර කොටස් , තෙල් මිල, සේවා ගාස්තු ආදිය ද ඉහළ යන බැවින් මේ සියල්ල සමග ගැටීමට නම් බස් ගාස්තු ද ඊට සමානව සංශෝධනය වීමේ ප්රවනතාවයක් පෙන්නුම් කරන බව ද ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඉදිරියේ දී ජනපති සහ මුදල් අමාත්‍යංශ නිළධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට ද එම සංගමය තීරණය කොට තිබේ.