ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 9කින් පහළ දමා ඇති අතර, එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 356ක් ලෙසය.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 3කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 423කි.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල ද රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 356ක් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.
සුපිරි ඩීසල් ලීටරයක්ද රුපියල් 10කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 431ක් වෙයි.
රුපියල් 242ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 249කි.
මේ අතර ලංකා IOC සමාගම ද දැනුම්දෙන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව සිය ඉන්ධන මිල ගණන් ද සංශෝධනය කරන බවය.
මීට සමගාමීව සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කොට තිබේ.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 2කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 356කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 423ක් ලෙසය.
ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 8කින් ඉහළ දමා ඇති අතර එනි නව මිල වන්නේ රුපියල් 356කි.
සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 14කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 431කි.