අද (01) අලුයම 05 සිට ක්රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක් රුපියල් 20 කින් සහ ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක් රුපියල් 38කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල ගණන් පිලිවෙලින් රුපියල් 366ක් සහ 464ක් ලෙස දැක්විණි.
ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 29කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 358ක් ලෙස දැක්වේ. සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 41කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 475ක් වේ.
නමුත් භූමිතෙල් ලීටරයක් රුපියල් 11කින් පහළ දැමීමට එම සමාගම කටයුතු කර තිබේ. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 236කි.