ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජෙයිශංකර් අගෝස්තු 18 වනදා කුවෙටයේ නිල සංචාරයක නිරත වන බව ඉන්දීය මාධ්‍ය පවසයි.
මෙම සංචාරයේදී විදේශ අමාත්‍යවරයා කුවෙට් විදේශ අමාත්‍යවරයා හමුවී සාකච්ඡා සිදුකරනු ඇත.
දේශපාලන, වෙළෙඳ, ආයෝජන, බලශක්ති, ආරක්ෂාව, සංස්කෘතික සහ තවත් ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කෙරුණු ඇති බවද වාර්තා වෙයි.
කලාපීය සහ ජාත්‍යන්තර ගැටළු පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැනීම මෙම සංචාරයේ අරමුණක් බව ඉන්දීය මාධ්‍ය පවසයි.