මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධීවර කර්මාන්තයේ නිරත වූ ඉන්දීය ධීවරයින් 21ක් හා ධීවර යාත්රා 04ක් ශ්රී ලංකා නාවික හමුදා භාරයට පත්වී තිබේ.
මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් කෙරෙන ධීවර කටයුතු වැලැක්වීම සඳහා ඊයේ(06) නාවික හමුදාව විසින් සිදුකළ මෙහෙයුමකදී මෙම යාත්රා සහ ධීවරයින් අතඩංගුවට පත්වී තිබේ.
අත්අඩංගුවට පත් ධීවරයින් සහ යාත්රා මේ වනවිට තලෛයිමන්නාරම් ජැටියට සහ කන්කසන්තුරෙයි වරායට රැගෙන ගොස් ඇති අතර ඉදිරි නීතිමය ක්රියාමාර්ග ගැනීමට නියමිතව තිබේ.