මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 180කට අධික සංඛ්‍යාවක් මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව ඉන්දීය ධීවරයින් 182 දෙනෙකු ගත වූ මාස කිහිපයක තුළ අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය.
එමෙන්ම ඔවුන් පැමිණි ධීවර යාත්‍රා 24ක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත.
අද (18) අලුයම යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් අතර තුරදී ද මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී එම ධීවරයින් පැමිණි යාත්‍රාව ද නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්ය.
අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාව සහ එහි ධීවරයින් කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතය.