ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී තිබෙනවා. කොළඹදී ඊයේ මෙම හමුව සිදුව ඇති බව සදහන්. එමෙන්ම ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා අද දිනයේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ද මුණ ගැසුණා. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් අතර හමුවක් ද අද සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.