ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ලබන 23 වනදා යුක්රේනයේ සංචාරයක නිරත වීමට නියමිතයි.එහිදී එරට ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි හමුවී දෙරටේ ආරක්ෂක ආර්ථික සහ ව්‍යාපාරික සබදතා පිළිබද සාකච්ඡා කිරීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, රුසියානු ජනාධිපතිවරයා හමුවී සති කිහිපයකට පසු මෙම හමුව සිදු වීම විශේෂත්වයක්.එමෙන්ම ඉන්දීය නායකයෙකු වසර 30 කට පසු යුක්රේනයේ සිදු කරන පළමු සංචාරය ද මෙයයි.