ඉන්දියන් සාගරයේ අද (29) අලුයම භූ කම්පන දෙකක් සිදුවී ඇති බව භූ විද්‍යා හා පතල් කාර්යංශය නිවේදනය කරයි.
එයින් එක් කම්පනයක් රිකටර් මාපකයේ 4.8ක් ලෙසත් දෙවන කම්පනය 5.8ක් ලෙසත් වාර්තා වී තිබුණු අතර එම ආයතනය නිවේදනය කළේ එමගින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බවයි.
ඉන්දියන් සාගරයේ මාලදිවයින ආසන්න කොටසේ ඇතිවූ මෙම භූ කම්පනයේ නවතම තත්වය ලෙස විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ උදෑසන 8 වනවිට එම කලාපයේ භූ කම්පන 4ක් වාර්තා වූ බවයි.
එය රික්ටර් මාපකයේ ඒකක 5ක අගයක් පෙන්නුම් කල බව භූ විද්‍යා හා පතල් කැනීමේ කාර්යංශය පෙන්වා දුන්නේය.