කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසූවේ ඉදිරි මාස 06 ක කාලය තුළ දී අපරාධ ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන් ම මැඩලීමට අවශ්‍ය සැලසුම් ක්‍රියාවට නංවා ඇති බවයි.
මෙරට සිදුවන අපරාධ රැසකම මහමොලකරුවන් විදේශයන්හි සිට ඒවා මෙහෙයවන බවත් මෙරට සිට ඒවා ක්‍රියාත්මක කරන අපරාධකරුවන් රැසක් මේවනවිටත් පොලිස් අත්අඩංගුවේ පසුවන බවත් එයින් තිදෙනෙක් ප්‍රධාන පෙළේ අපරාධකරුවන් වන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
තවද, ඔබගේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ඉල්ලන, ඔවුනට තර්ජනය කොට මුදල් ලබාගන්නා පුද්ගලයි වේ නම් ඔබ සම්පත් දායකයෙකු ලෙස පොලීසියට සහාය වන ලෙසද ඔහු රැස්ව සිටි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.