ඉන්දියාව සමඟ කටයුතු කිරීමට චීනය සූදානම් බව චීන විදේශ අමාත්‍යාංශය පවසා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දෙරටේ නායකයින් අතර ඇති පොදු අවබෝධතා ක්‍රියාත්මක කිරීමට සහ ද්විපාර්ශ්වික සබඳතා යථා තත්ත්වයට පත් කිරීම සඳහා චීනය කැමැත්තෙන් පසුවන බවය.
විශ්වාසය, අවංකභාවය සහ සන්නිවේදනය තුළින් ශක්තිමත් සබඳතාවයක් ගොඩනගා ගැනීමේ හැකියාව ඇති බව චීනයේ මතය වෙයි.
ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ චීන විදේශ අමාත්‍යවරයා අතර විශේෂ නියෝජිත හමුව අද බීජිං හිදී පැවැත්වීමට නියමිතව තිබියදී මෙම ප්‍රකාශය සිදුකිරීම විශේෂත්වයකි.