සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය ද (12) පස්වරු 3 ට ඉන්දියාව සමඟ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්වීමට නියමිතය.
වර්තමානයේ දී ශ්‍රී ලංකාව පිට පිට තරග 13ක් ජයගෙන ජයග්‍රාහී මානසිකත්වයක පසුවන අතර ඉන්දියාවද ඊයේ පාකිස්ථානයට එරෙහිව ලද විශිෂ්ට ජයග්‍රහණයත් සමඟ අද තරගයට සහභාගී වන්නේ ජයග්‍රාහී මානසිකත්වයෙනි.
එම නිසා මේ තරගය ඉතාමත් උද්වේගකර තරගයක් වනු ඇතැයි බොහෝ ක්‍රීඩා විචාරකයින්ගේ මතය වී තිබේ. ඊට අමතරව මෙම තරගය ආසියානු කුසලානයේ මේ කණ්ඩායම් දෙකෙහි අනාගතය කෙබඳුද යන්න පිළිබඳව ද තීරණය වන තරගයක් වනු නොඅනුමානය. එයට හේතුව වන්නේ කොළඹ හා ඒ තදාසන්න ප්‍රදේශයන්ට විටෙන් විටේ ඇඳ හැළෙන වර්ෂාව හේතුවෙන් පසුගිය තරග කිහිපයක් ද අත් හිටුවීමට සිදුවීම නිසා දළ ලකුණු වේගය මත ඉදිරිය තීරණය වීමට බෝහෝ දුරට ඉඩ ඇති බැවිනි.
මේ වනවිට ශ්‍රීලංකාව හා ඉන්දියාව ජාත්‍යන්තර එක්දින තරග 165 දී එකිනෙකා මුණ ගැසී ඇති අතර එයින් ඉන්දියාව තරග 96ක් ද ශ්‍රී ලංකාව තරග 57ක් ද ජයගෙන ඇත. තරගයක් සමවී ඇති අතර තවත් තරග 11ක් විසඳුමකින් තොරව නිමාවට පත්වී තිබේ.
නමුත් ශ්‍රීලංකාව හා ඉන්දියාව අතර පවත්වන ලද අවසාන එක්දින තරග 15න් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 2ක් පමණි.
රසිත ජයවීර