ආසියානු කුසලාන සුපිරි 4 වටයේ ඉන්දියාව හා පාකිස්ථානය අතර තරගයෙන් ඉන්දියාව ලකුණු 228ක ජයක් ලැබීමට සමත් විය. මේ ජය වාර්තා පොත් අතරට එක්වූයේ ඉන්දු – පකිස්ථාන තරගයකදී පාකිස්ථානය පරාජයට පත් වූ විශාලම ලකුණු පරතරය ලෙසය.
ආසියානු කුසලාන සුපිරි 4 වටයේ ඉන්දියාව හා පාකිස්ථානය අතර තරගය පෙරේදා ආර්. ප්‍රේමදාස පිටියේදී ආරම්භ වූ අතර කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබාදුනි. එදින වර්ෂාව හේතුවෙන් තරගය අත් හැර දමන විට ඉන්දියාව පන්දුවාර 24.1 දී කඩුළු 2ක් දැවී ලකුණු 147 ක් සිටියේය.
පසුව එම තරගය සඳහා ලබා දී තිබූ අතිරේක දිනය වූ ඊයේ (11) දිනයේ දී පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුළු 2ක් පමණක් දැවී 356 ක දැවැන්ත ලකුණූ පුවරුවක් ගොඩ නැගීමට සමත් විය.
එහිදී ඉන්දියාවේ සුපිරි පිතිකරු විරාත් කෝලි ලකුණු 122ක් ලබා ගත් අතර ඉනිම අතරතුර දී එක්දින පිටියේ ලකුණු 13,000 සීමාව පසු කිරීමටද ඔහු සමත් විය.
ඔහුට අනගි ලෙස සහාය වූ කේ.එල් රාහුල් ලකුණු 111 රැස් කළේය.
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි පාකිස්තානයට් සියලුදෙනා දැවී ලබාගත් හැකි වූයේ ලකුණු 128 ක් පමණි.
ඉන්දියාව වෙනුවෙන් කුල්දීප් යාදෙව් ලකුණු 25ට කඩුළු 5 යි.
තරගයේ වීරයා විරාත් කෝලි.
රසිත ජයවීර