ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන මීළග කණ්ඩායම තෝරගන්නා තරගය අද ශ්‍රීලංකාව හා පාකිස්තානය අතර තරගය අද පැවැත්වීමට නියමිතව තිබේ.
නමුත් කොළඹ අවට ට ඇද හැළෙන වැසි හේතුවෙන් මේ වනවිට පිටිය සම්පූර්ණයෙන්ම ආවරණය කොට ඇති අතර කාසියේ වාසිය උරගා බැලීම ද ප්‍රමාද වී තිබේ.
ඉන්දියාව සමග පැවැති තරගය ශ්‍රීලංකාව පරාජය වීමත් සමඟ අවසාන තරගයට සුදුසුකම් ලැබීමට නම් මේ තරගය ශ්‍රී ලංකාවට අනිවාර්යයෙන් ජයගත යුතු තරගයක් බවට පත්ව තිබේ.
මීට අමතරව පාකිස්තානය ද ඉන්දියාව හමුවේ පරාජයට පත් වීම නිසා ඔවුනට අවසන් සටනට පිවිසීමට නම් මේ තරගය ජය ගැනීම ඉතා වැදගත් වී තිබේ.
අද තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට විනිසුරු කටයුතු කලහොත් දෙපිලටම අතර ප්‍රසාද ලකුණු සමව බෙදී යන අතර අවසාන තරගයට දළ ලකුණු වේගය මත ශ්‍රීලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට වැඩි ඉඩ කඩක් පවතී.
රසිත ජයවීර