ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් සහ ඉහළ පිළිගැනීමක් ඇති කාර්යාල කළමනාකාරිනී ආචාර්ය සුනේත්‍රා ජයරත්න නුගවෙල “ජාත්‍යන්තර කාර්යාල කළමනාකරු 2024″ සම්මානයෙන් පිදුම් ලැබුවාය. ජුනි 20 වැනි දින ලන්ඩනයේ ග්‍රෑන්ඩ් කොනාට් හෝටලයෙදී පැවති මෙම උත්සවය මෙහෙයවනු ලැබුවේ එක්සත් රාජධානියේ කාර්යාල කළමනාකරණ ආයතනය විසිනි. ඇයගේ ජයග්‍රහණය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට මහත් ආඩම්බරයක් වන අතර ඇය මෙම සම්මානයට හිමිකම් ලත් ආසියානු පැසිෆික් කලාපයේ එකම නියෝජනය ද වනු ඇත.
මෙම සම්මානය ඕනෑම ව්‍යාපාරයක, මෙම ක්ෂේත්රය තුළ වෘත්තීමය වශයෙන් ගත් උත්සාහය, කැපවීම, සාර්ථකත්වය, ජීවන සමතුලිතතාවය, විනයානුකූලත්වය, සහ රට, කලාපය මෙන්ම ලෝක ප්‍රජාවට විශාල වශයෙන් ලබා දුන් සහ ලබාදෙන මෙහෙය ඇගයීමක් ද වේ.
ජාත්‍යන්තර වශයෙන් අවස්ථා කිහිපයකදීම ඇය ශ්‍රී ලංකා නාමය ඉතිහාස ගත කර ඇති අතර මෙම ගෞරවනීය සම්මානය ඇයට තවත් සුවිශේෂී ජයග්‍රහණයක් වනු ඇත. ආචාර්ය සුනේත්‍රා නුගවෙල SDB බැංකුවේ විධායක ලේකම් සහ පරිපාලක වෘත්තික විද්‍යායතනයේ සභාපති ලෙස කටයුතු කරයි.