අවාරයේ සිරිපා කරුණා කිරීම සඳහා රත්නපුර – ශ්රී පාද මාර්ගය (පලාබද්දල මාර්ගය) සහ නල්ලතන්නි මාර්ගය විවෘත කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව රත්නපුර – ශ්රී පාද මාර්ගයේ පවනැල්ල පොලිස් මුර පොල පැවැති ස්ථානයේ බලපත්ර නිකුත් කිරීමේ කවුළුවක් ස්ථාපිත කර ඇති අතර නල්ලතන්නි බලපත්ර නිකුත් කිරීමේ කවුළුව නල්නතන්නි අඩවි ආරක්ෂක කාර්යාලයේ ස්ථාපිත කර තිබේ.
දිනපතා සවස 6.00 සිට පසුදින උදෑසන 10.00 තෙක් මෙම බලපත්ර නිකුත් කිරීමේ විවෘතව පවතී.
බලපත්ර ලබාගෙන රක්ෂිතයට ඇතුළු වන සංචාරකයින්ගේ චර්යාවන් පිළිබඳව වනජීවී නිලධාරීන් විසින් නිරන්තර අවධනයෙන් පසු වන බව සඳහන් කරන වනජීවී දෙපාර්තමේන්තුව සංචාරකයින්ට කුරුවිට, දෙහෙනකන්ද, මාරිගොඩ යන මාර්ග වසා තැබෙන බැවින් එම මාර්ග වලින් රක්ෂිතයට ඇතුළු වීම සපුරා තහනම් බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි. බලපත් නොමැතිව ශ්රී පාද රක්ෂිතයට ඇතුළු වන සංචාරකයින්ට වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ නීතිමය ක්රියාමාර්ග ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන බව ඔවුන් නිවේදනය කරයි.
නමුත් මීට පෙර නුවරැළිය දිස්ත්රික් ලේකම්වරයා විසින් අවාරයේ සිරිපා කරුණා කිරීම තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කර තිබුණි.