ශ්රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනි නෙල්සන් මහතා ඊයේ (02) ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්රාමික) මහතා හමු වී තිබෙනවා.
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා අමෙරිකානු ආරක්ෂක උපදේශකවරයා සමඟ සුහද කතාබහක නිරත වූ අතර එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කර තිබෙනවා.
මෙම අවස්ථාවට අමෙරිකානු නාවික ආරක්ෂක උපදේශක ලුතිනන් කමාන්ඩර් ජෙසිකා ඩී මොන්ට්, සහකාර ආරක්ෂක උපදේශක සෙත් නෙවින්ස් සහ ආරක්ෂක සහයෝගිතා කාර්යාලයේ ප්රධානී ලුතිනන් කමාන්ඩර් ෂෝන් ජින් ද සහභාගි වී තිබෙනවා.