බදු බරින් ජනතාව මුදාගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නව ගිවිසුමකට එළැඹීමට අවශ්‍ය බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එම නව ගිවිසුම සිදුකිරීමට නම් තම පක්ෂය ජයග්‍රහණය කරවන ලෙස එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
රත්නපුර පැවති ජන හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
“අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයායි, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයායි ගිය අඩි පාරේ. මේ IMF ගිවිසුම වෙනස් කරලා අපි අලුත් ගිවිසුමකට යන්න ඕනේ. ණය ගෙවීම ආරම්භ කිරීම IMF කියපු විදිහට 2033 වසරට කල් දාගන්න ඕනේ. එසේ නොකළහොත් මම අද කියුවායි කියලා මතක තියාගන්න මේ විදිහටම යනවානම් ඉස්සරහට 2028 වෙනකොට 2022 වගේ තත්ත්වයක් අපේ රටේ නිර්මාණය වෙලා අති විශාල පීඩනයකට, අසහනයකට ලක් වෙනවයි කියන එක බොහොම පැහැදිලියි.”