2020 මැතිවරණයේ ජෝර්ජියා ප්‍රාන්තයේ පරාජය වැළැක්වීමට උත්සාහ කළ බවට හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
ඊයේ (14) දිනයේ දී ප්‍රසිද්ධියට පත් කරන ලද පිටු 98 කින් යුත් අධිචෝදනා පත්‍රයක් මගින්, ට්‍රම්ප් ඇතුළු මිත්‍ර පාක්ෂිකයින් 18 දෙනෙකුට එරෙහිව චෝදනා 41 ක් ගොනු කර ඇත.
වංචාකිරීම් සහ මැතිවරණ සඳහා මැදිහත්වීම් ඇතුළු ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා 13 ම ප්‍රතික්ෂේප කරන ඔහු, ඔවුන් දේශපාලනිකව අභිප්‍රේරිතව කටයුතු කරනා බව ඔහු පවසා තිබුණේය.
ඔහුට ප්‍රථම වරට 2021 වසරේ දී චෝදනා එල්ල වු අතර මේ වසරට පමණක් ඔහුට අපරාධ චෝදනා එල්ල වූ හතරවන අවස්ථාව මෙය වේ.
මේ වනවිට 2024 ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා වන්නේ ද ට්‍රම්ප් ය
ඒ අතරම, අගෝස්තු 25 සිකුරාදා දහවල් වනතෙක් ස්වේච්ඡාවෙන් ම අධිකරණයට භාර වීමට විත්තිකරුවන්ට අවස්ථාව ලබා දෙන බවත්, විත්තිකරුවන් 19 දෙනාගේ ම නඩු එකට විභාග කිරීමට සැලසුම් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කොට තිබුණි.
රසිත ජයවීර