නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය නිසා අද (25) උදෑසන කාලයේ මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.එම පද්ධතිය අද අලුයම 02.30 පමණ වනවිට මඩකළපුවට කී.මී. 500ක් පමණ එපිටින් ගිණිකොන දෙසින් පිහිටා ඇති බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇතැයි ද බලාපොරොත්තු වෙනවා.මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පැවතිය හැකි බව සඳහන්.උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවිය හැකියි.දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්. බස්නාහිර, වයඹ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී.150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර, උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්.උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (35-45)ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව කාරුණිකව ඉල්ලා සිටිනු ලබනවා.